Tuesday, March 6, 2012

විදේශ අධ්‍යාපනයට අයදුම් කිරීම - අංක 3 (නවසීලන්තය)


ඔන්න වල්පල් කතා කීපයකින් පස්සේ ආයෙමත් මේ මාතෘකාව ගැන කතා කරන්න හිතුනා.





මම අන්තිමට මේ ගැන ලියපු ලිපියෙන් කිව්වනේ විදේශ අධ්‍යාපනය සදහා ගැලපෙන රටක් තෝරා ගැනීමේදී නවසීලන්තය මට මේ වෙද්දී ඉහලින්ම තියන්න පුළුවන් තැනක තියනවා කියලා. අද බලමු ඇයි ඒ කියලා.


ලංකාව වගේ දියුණු වෙමින්පවතින රටකින් විදේශ අධයාපනය සදහා යොමු වෙන පිරිසගෙන 80% ක්, 85% ක් වගේ ප්‍රතිශතයක් ඔයමාර්ගය යොමු වෙන්නේ අනිවාර්යයෙන්ම තමන්ගේ අදාළ පාඨමාලාව නිමා කරලා ඒ රටේ රැකියාවකට, ස්ථීර පුරවැසිභාවයට යොමු වීමේ අදහසිනුයි.ඒ නිසා 'අධ්‍යාපනයෙන් පසු තමන්ට රැකියාවකට යොමු වීමේ මාර්ග (pathway to career) අනිවාර්යයෙන්ම සලකා බැලිය යුතු කරුණක් විදියටසලකන්න පුළුවන්.

** හොදින් මතක තියාගන්න අද මම මේ විස්තර කරන්නේ මේ කියපු 80% ක පිරිස ගැන සලකලයි කියලා. විදේශ අධ්‍යාපනය සුදුසුකමක් ව්දියට (රැකියා හෝ ස්ථීර පුරවැසිභාවය ගැන තැකීමක් නොකරන අය) වෙනුවෙන් මම වෙනම පොස්ට් එකක් දාන්න බලාපොරොත්තු වෙනවා. 


ඊලග කරුණක් තමයි අඩුම වියදමකින් තමන්ගේ අධ්‍යාපන කටයුතු නිම කරලා පළවෙනි කාරණය වෙත යොමු වීමේ ඉඩකඩ සොයා බැලීම. මෙතනදී අඩුම කාලයක් තුලදී කියන කරුණත් වඩාත් වැදගත් වෙනවා. ඒ කියන්නේ අවුරුද්දක පාඨමාලාවකින් පසුව අපිට රැකියාවකට යොමු වෙන්න අවස්ථාව ලැබෙනවානම් ඒ වෙනුවෙන් අවුරුදු දෙකක් හෝ තුනක වගේ කාලයක් හා වියදමක් දරන එක පලක් නෑ කියන එක.


ඊලගට වඩාත් පහසුවෙන් වීසා ලබා ගැනීමේ හැකියාව කියන කාරණය.


අවසාන වශයෙන් අදාළ රටේ දැනට පවතින වාතාවරණය වගේ දේවල් අපිට සලකා බලන්න පුළුවන්.


හොදයි දැන් අපි ඔය එක එක කරුණ නවසීලන්තය කියන රටට අදාළ වෙන ආකාරය සලකලා බලමු. 


1. අධායපනයෙන් පසු රැකියා සදහා අවස්ථාව.


වර්ග සැතපුම් එක් ලක්ෂ තුන්දහසකට ආසන්න (103,483 sq mi ) ඉඩ ප්‍රමාණයක් පවතින නවසීලන්තයේ දැනට ජනගහනය මිලියන හතරකට ආසන්න තරම් සුළු ප්‍රමාණයක් වෙනවා. වර්ග සැතපුම් විසි පන්දහසක් (25,332 sq mi ) වගේ සුළුඉඩක් පවතින ශ්‍රී ලංකාවේ පවා ජනගහනය මිලියන විස්සකට අධික වෙනවා. ඉතින් දැන් තේරුම් ගන්න පුළුවන්නේ නවසීලන්තය කියන්නේ තවම හෙමිහිට පැතිරීගෙන යන රටක් බව. ඉතින් දැනට නවසීලන්ත රජය තමන්ගේ රටට සංක්‍රමිකයින් විදියට පැමිණෙන අයට රට තුල දීර්ගකාලීනව රැදී සිටින්න විවිධ මාර්ග හදුන්වලා දී තියෙනවා.


අපි කතාකරන්නේ අධ්‍යාපන වීසා (STUDENT VISA) හරහා  නවසීලන්තයට ඇතුල්වීම පිලිබදවනේ. එහෙනම් අපි බලමු අධ්‍යාපනික වීසා ලබා ගත්තු අයකුට ඊලගට තෝරා ගන්න පුළුවන් මාර්ග මොනවද කියලා.

දැනට  ඒ කියන්නේ 2012 අප්‍රේල් 2 වෙනි දිනට පෙර නවසීලන්තයට ඇතුල්වෙලා තමන්ගේ පාඨමාලාව හදාරන ශිෂ්‍යයන් වෙනුවෙන් මේ වෙනකන් ගොඩාක් ආකර්ශනීය මාර්ගයක් විවෘත වෙලා තිබුනා. ඒ තමයි අවුරුද්දක පාඨමාලාවක් හදාරලා රැකියාවකට යොමු වීමේ අවස්ථාව (One Year study + Work visa). හැබැයි දැන් ඒ අවස්ථාවට එයාලා සංශෝධනයක් ගෙනත් Level 7 මට්ටමේ හෝ ඊට ඉහල පාඨමාලා හැරුන කොට ඊට පහල මට්ටමේ (Level 5,6) පාඨමාලා සදහා යොමු වෙන ශිෂ්‍යයන් රැකියා අවස්ථාවකට (Work visa) යොමු වෙන්න නම් අඩුම වශයෙන් නවසීලන්තයේ අවුරුදු දෙකක පාඨමාලාවක් යෙදිය යුතුයි. 

හැබැයි මේක අහලාදැන් අපිට work visa ගන්න නම් අවුරුදු දෙක තුනක් ඉගෙන ගන්න වෙයිද කියලා කලබල වෙන්න අවශ්‍ය නෑ. අත්දැකීම් තියන උපදේශකයින් දන්නවා ශිෂ්‍යාට අදාළ විෂය ක්ෂේත්‍රයේ Level 7 වගේ අවුරුද්දක පාඨමාලාවකට ශිෂ්‍යාව යොමු කරන්න.

ඒ  නිසා මුලිකව කිය යුතු කරුණක් වන්නේ නවසීලන්තයේ අවුරුද්දක පාඨමාලාවක් හදාරුවායින් පසුව රැකියාවකට යොමු වීමේ අවස්ථාව පැහැදිලිවම තියනවා කියලා.


2. අඩු වියදමකින් පලවෙනි කරුණ සපුරා ගැනීම.


මෙතනදී තියෙන්නේ බොහොම සරල තර්කයක්. අපි අවුරුද්දක පාඨමාලාවකින් පසුව රැකියා අවස්ථාවකට යොමු වෙන්න මාර්ගයක් තිබෙනවානම් අපිට ඒ සදහා වියදම් කිරීමට සිදු වන්නේ අවුරුද්දක පාඨමාලා ගාස්තුව පමණයි කියන කරුණ. 


සමහර අය කියයි ලක්ෂ 7 ට ඕස්ට්‍රේලියා යවන්න පුළුවන්, ලක්ෂ 4 කට හෝ 5 කට එංගලන්තයට යවන්න පුළුවන් කියලා. මතක තියාගන්න මේ කියන්නේ එක් කාර්තුවක පාඨමාලා ගාස්තුව (One semester) එහෙමත් නැත්නම් මාස 6 ක් සදහා ගාස්තුව පමණයි කියලා. එතැනදී ඔයාලට හිතෙන්න පුළුවන් මට මෙතන තියන මූලික වියදම අඩුයි නේද කියන කාරණය. හැබැයි හොදට මතක තියාගන්න ඔය රටවල් දෙකින් එකක හෝ අවුරුද්දක පාඨමාලාවකින් පසුව රැකියාවක් සදහා යොමු වෙන්න අවස්ථාවක් නෑ කියන කාරණය. ඒ නිසා ඔයාලා ඔය මුදල ගෙවලා ඒ රටට අතුල්වනුනත් රැකියාවකට යොමු වෙන්න නම් අඩුමතරමින් අවුරුදු දෙකක හෝ තුනක පාඨමාලාවක් නිම කරන්න අවශ්‍යයි. ඒ නිසා අවසානයේ ඔයාලගේ සම්පුර්ණ වියදම අපි මේ කතාකරන නවසීලන්තයේ පාඨමාලාවක වියදම මෙන් දෙගුණයක් හෝ තුන ගුණයක් වෙනවා.  


3. පහසුවෙන් වීසා ලබා ගැනීමේ හැකියාව.


එංගලන්තය, ඔස්ට්‍රේලියාව හා නවසීලන්තය කියන රටවල් තුන සම්බන්ධවම යම් පළපුරුද්දක් තියන මට වඩාත්ම විශ්වාස කරන්න පුළුවන් (most predictable) වීසා ලබා දෙන රට කුමක්ද කියලා ඇහුවොත් මම මුලින්ම තෝරා ගන්නේ නවසීලන්තයයි. හැබැයි අඩුම ලිපි ලේඛන (Documents) ප්‍රමාණයකින් කරදරයක් නැතුව අයදුම් කරන්න පුළුවන් රටනම් එංගලන්තය තමයි (හැබැයි වීසා ලැබීම ප්‍රතිශතය නම් 50% ක් තමයි)


නවසීලන්තයේ අධ්‍යාපනික වීසා (Student visa) ලබා ගන්න ඉදිරිපත් කල යුතු සුදුසුකම් ඉතාම පැහැදිලියි. ඒ වගේම ඔස්ට්‍රේලියාව එක්ක සංසන්ධනය කෙරීමේදී ඒ තරම්ම සංකීර්ණ තත්වයක් ඇත්තෙත් නෑ. අවශ්‍ය කරන සුදුසුකම් දැනට පවතින නීතියට අනුකුලව සකසලා තියනවානම් ඒ පිලිබදව 95% ක විශ්වාසය තබා ගන්න පුළුවන්.

** නවසීලන්තයට අධ්‍යාපනික වීසා (Student visa) ලබා ගන්න අවශ්‍ය සුදුසුකම් මොනවාද කියලා මම ඊලග ලිපියෙන් කියන්නම්.


3. නවසීලන්තය තුල විදේශීය ශිෂ්‍යයන් සම්බන්ධව පවතින වාතාවරණය.


මට මේ සම්බන්ධව තියනඅත්දැකීම නම් බොහොම ධනාත්මක එකක්. බහුතරයක් යුරෝපීයයන්ගෙන් සමන්විත නවසීලන්ත සමාජය බොහොම මිත්‍රශීලීයි. ඒ වගේම තවමත් විදේශීය ශිෂ්‍යයන්ගේ පිරි ඉතිරී ගිහින් නැති නිසාම (එංගලන්තය වගේ) අමතර රැකියාවකට, අධ්‍යාපනයෙන් පසුව රැකියාවක් යෙදෙන්න අර අනිත් රටවලට සාපේක්ෂව පහසුයි.

අමතරව  නවසීලන්තය දැනට පවත්වාගෙන යන ස්ථීර හා දීර්ග කාලීනව බලපාන වීසා නීති රීති අනුව මගේ දැනුමේ හැටියට මේ රට අඩුම තරමින් තවත් අවුරුදු පහක් වැනි කාලයක් ගතවෙන තුරු අලුතින් රටට ඇතුල්වන විදේශීය ශිෂ්‍යයන් වෙනුවෙන් වඩාත් ප්‍රියජනක ගමනාන්තයක් ලෙස පවතීවි.


එහෙනම් නවසීලන්තයට අධ්‍යාපනික වීසා අයදුම් කිරීමට ඔබ සම්පුර්ණ කරගත යුතු කරුනුත් එක්ක ඊලග පොස්ට් එකෙන් මුණගැහෙමු. 

13 comments:

  1. ඒ වගේ රටක ඉගෙන ගන්න යන්න හුගක් ඉංග්‍රීසි දැනුම ඕන ඇති නේද?

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්..... එහෙමමමත් නෑ. නවසීලන්තයට නම් G.C.E O/L ඉංග්‍රීසි වලට C හෝ ඊට ඉහල pass එකක් තියනවා නම් පුළුවන්. ඔය කොයි රටටත් මූලික සුදුසුකම වෙන්නේ මුල්‍යමය හැකියාව තමයි.

      Delete
    2. එහෙනම් වැඩේ හරි යන්නෑ. ඔය කිව්ව දෙකම මට නෑ. විශේෂයෙන්ම මූලික සුදුසුකම නම් ඇත්තෙම නෑ.

      Delete
    3. අපෝ තමාගේ රටේ ඉන්නත් වාසනාව තියෙන්න ඕනේ. මොන සැප පහසුව තිබ්බත් වෙන රටකදී අපි පුදුම විදියට තනි වෙනවා. ලංකාව ඒ වගේද, කොහේ ගියත් තමාගේම අය අතරනේ අපි ඉන්නේ.

      Delete
    4. ඕස්ට්‍රේලියාව ගැනත් ඔය වගේම පොඩ්ඩක් කියනවද?
      ඕස්ට්‍රේලියාවට වඩා නවසීලන්තයට යන්න අමාරුයි කියල ගොඩක් අය කියනව ගොඩක් වත්කම් ඕනෙ කියලත් කියනව , ඒ සම්බන්දව විස්තර ටිකක් කියනවද?

      Delete
  2. අධ‌‍ෘපනේට හැර කෙලින්ම වර්ක් වීසා ගන්න විදියක් නැද්ද?.

    ReplyDelete
  3. මචන් මේක බලපාන්නෙ නවසීලන්තෙ යන අයටනෙ. ඕනම රටකට ආදුම් කරද්දි කරන්න ඕන ඒව ටිකකුත් පුලුවන් නම් දාපන්......මම කැනඩා යන්න හිතාගෙන ඉන්නව ඒකට student visa අයදුම් කරන්න ඕන විදියක් දන්නව නම් ඒ ගැන දැනුවත් කරල මට විස්තරයක් එවපන්.

    hithahodapissa12@gmail.com

    ReplyDelete
  4. ඊළඟ පොස්ට් එක දාමුකෝ බලන්න.

    ReplyDelete
  5. ලංකාවේ උපාදියක් තියන කෙනෙකුට වැඩි දුර ඉගෙන ගැනීමට ( Msc ) යන්න කරන්න ඕන දේවල් ටිකකුත් දන්නා පුළුවන්ද? මොකද මම මේ දවස් වල ඒ ගැන හොයමින් ඉන්න නිසා.

    ReplyDelete
  6. ජිනී කොලුවෝ... උඔ සයිට් එක ලියන එක නවත්තලද බන්.... මේක ෆට්ට නේ බන්... දිගටම ලියහන්....

    ReplyDelete
  7. අයියෝ කෝ මේකේ ඉතුරු ටික.?? ගොඩාක් වටින blog එකක්.. දිගටම කරගෙන යන්න.. :) :)

    ReplyDelete
  8. දැන් නම් IELTS අනිවාර්ය කරලා තියන හින්දා වැඩේ ටිකක් අමාරුයි..Immigration එකෙන් ප්‍රශ්න කරනවත් වැඩි...දේපල,සල්ලි ගොඩක් තියනවා කියලා පෙන්නන්නත් ඕනා..

    ReplyDelete
  9. ඉගෙන ගන්න ශිෂ්‍යත්ව දෙන්නේ නැද්ද

    ReplyDelete