Saturday, February 25, 2012

විදේශ අධ්‍යාපනය - අංක 2 (කාලයත් එක්ක වඩාත්ම ගැලපෙන රට මොකක්ද)



ලංකාවේ ඉන්න ගොඩක් අය කැමති ඇති පිටරටකට ගිහින් ජීවිතේ පටන් ගන්න. වැරදියට තේරුම් ගන්න එපා, අපේ සමාජයේ තියන සමහර ප්‍රශ්න, වැඩිවෙන ජීවන වියදම වගේ දේවලුත් එක්ක අපේ ගොඩාක් අය කල්පනා කරන දෙයක් තමයි පිටරටකට ගිහින් ජීවිතය ආපහු පටන් ගන්න තියනවා නම් කොයි තරම් හොදද කියලා. එක අතකින් ඒක අපේ අයගේ ආකල්පවල වැරද්දක් නෙමෙයි. මුල්කාලයේදී බොහොමයක් එහෙම පිට රටවලට ගිය අයට ඒ රටවල ස්ථීර පුරවැසිභාවය වගේ අවස්ථා බොහෝම පහසුවෙන් ලබාගන්න හැකියාව ලැබුනා. ඉතින් ඒ අයගේ ජීවිතවල ඇත්තටම යම් විදියක දියුණුවක් (මම මේකෙන් අදහස් කරන්නේ බොහෝවිට ආර්ථිකමය පැත්තයි) ලබාගෙන තියනවා කියලා මම අත්දැකීමෙන් දන්නවා.


 මගේ වයස දැන් අවුරුදු 26 යි. ඒ කාලේ මාත් එක්ක රස්තියාදු ගහපු, බීපු, ගහගත්තු යාළුවන් කීප දෙනෙක්ම මේ වෙද්දී කැනඩාව, බ්‍රිතාන්‍යය, ඔස්ට්‍රේලියාව වගේ රටවල් ස්ථීර පුරවැසිභාවය ලබලා අවසන්. හැබැයි ඒ වෙනුවෙන් ඒ අය අවුරුදු 3ක්, 4ක් වගේ කාලයක් ගත කළා. ඉගෙනගත්තා, ඒ අතරතුර පුංචි පුංචි රැකියාවන්වල (part time jobs) වගේම, නීත්‍යානුකුල අමතර රැකියාවෙන් ලැබෙන මුදල් මදි වුනාම අතට සල්ලි ගෙවන ටිකක් කටුක රස්සාවල (Cash on the hand jobs) වලට වුනත් යොමු වුනා. මොකද ප්‍රශ්නය තමයි අවුරුදු දෙක තුනක පාඨමාලාවකට ඒ රටට යන ශිෂයෙක්ට මුහුණ දෙන ප්‍රධානම ගැටළුවක් තමයි මේ ඊලග කාර්තුවට (semester) පාඨමාලා ගාස්තුව (course fee) එක සොයා ගැනීම. මේදේ බොහෝ දුරට නිත්‍යානුකූලව ලැබෙන පැය 20 ක වගේ කාලයකින් ඉෂ්ට කරගන්න නොහැකි වෙන්න පුළුවන්. ඒ නිසාම තමයි බොහෝ දෙනෙක් මේ අතට මුදල් ගෙවන රැකියාවලට යොමුවෙන්නේ. හැබැයි අද මාතෘකාව ඒ ගැන නෙමෙයිනේ. ඒ නිසා ඒ ගැන වැඩිදුර පැහැදිලි කිරීමක් ඊලග ලිපියකින් කරන්නම්.


දැන්  මම කියාගෙන ආපු විදියට මගේ යාළුවන් මේ විදේශ අධ්‍යාපනය තෝරා ගන්නා කාලෙදී තිබ්බේ මීට වඩා විවෘත, සරල වීසා නීතී සහිත පරිසරයක්. මොකද බොහොමයක් රටවල් තම තමන්ගේ වීසා නීති (visa rules) සංකීර්ණ කරන්නේ තමන්ගේ රටට පැමිණෙන සංක්‍රමණිකන් සීමා කරන්න අවශ්‍ය වුන විටදියි. ඒ නිසා කාලෙන් කාලෙට රට රටවල වීසා නීතී සරල කිරීමත් නැවත සංකීර්ණ කිරීමත් දකින්න පුළුවන් තත්වයක්. මේ තත්වයට මම හොදම උදාහරණය විදියට දක්වන්නේ එක්සත් රාජධානියයි (UK). මේ තමයි ලෝකයේ අන්තර්ජාතික අධ්‍යාපනය තමන්ගේ ප්‍රධානම ආදායම් මාර්ගයක් කරගත්තු ප්‍රධානතම රට. මට මතකයක් තියනවා 2006 හා 2007 වගේ වසර වලදී තිබුනා ඉතාම දැඩි වීසා නීතී මාලාවක්. උදාහරණයක් විදියට ගත්තොත් මාස 6 ක පමණ මුල්‍යමය විස්තර (financial history), තමාගේ වත්කම් වලට අදාළ මුලාශ්‍ර (source of income) හා IELTS විභාගයේ ලකුණු මට්ටමද ඒ කාලයේ සලකා බැලුනා. ඒ කාලයේ ගොඩාක් ආසියාතික ශිෂ්‍යන්ගේ තේරීමක් වෙලා තිබුනේ ඔස්ට්‍රේලියාවයි.


ඔන්න ඉතින් 2008 වෙද්දී බ්‍රිතාන්‍යයට ඉදිරියට එන ඔලිම්පික් උළෙල සදහා මුදල් අවශ්‍යතාව තදින් දැනීගෙන ආපු කාලයක්. ඉතින් ඔවුන් තීරණය කළා මෙච්චර කල් තිබුන සංකීර්ණ වීසා නීතී ඉවත් කරලා අන්තර්ජාතික ශිෂ්‍යන්ට පහසුවෙන් බ්‍රිතානයට එන්න අවස්තාව ලබා දෙන්න. මෙච්චර කාලෙකට මේ කේෂේත්‍රයේ පනවපු මේ ඉතාම සරල වීසා නීතියක් එක්ක දස දහස් ගණන් විදෙස් ශිෂ්‍යන් බ්‍රිතාන්‍යය තමන්ගේ ගමනාන්තය විදියට තෝරා ගත්තා. කොහොම හරි මේ ලාබදායික ව්‍යාපාරයෙන් පවුම් බිලියන ගණනක් උපයා ගත්තා. හැබැයි මේකෙන් බ්‍රිතාන්‍යයට වාසි වගේම අවාසිත් ඇතිවුනා. 2011 මැදදී මේ තිබුන වීසා නීතිය නැවතත් සංකීර්ණ කෙරුවත් ඒ වන විට බ්‍රිතාන්‍යය විවිධ රටවලින් සංක්‍රමණය වුන විදේශ ශිෂ්‍යයන්ගෙන් පිරී ඉතිරී ගිහින් තිබුනා. මොකද මේ අධ්‍යාපනය ඒ වෙද්දී අවසන් කරපු ශිෂ්‍යන්ව වුනත් එහෙම දවසින් රටින් එලියට ඇදලා දාන්න ඔවුන්ට හැකියාවක් නෑ. ඒ ශිෂ්‍යයයිනුත් උත්සහා කරන්නේ තමන්ගේ අධ්‍යාපනයට වියදම් වූ මුදල කෙසේ හෝ ඒ රටේදීම යලි උපයා ගන්නයි. ඉතින් ඔවුන් විවිධ මාර්ග වලින් උත්සහ කරනවා බ්‍රිතාන්‍යයේ ශ්‍රම බලකායට එක්වන්න. නීත්‍යනුකුලව හෝ නීතියට පිටින් හෝ. මේ තත්වය බ්‍රිතාන්‍යයට දැන් මහා ප්‍රශ්නයක් වෙලා ඉවරයි, හරියට බ්‍රිතාන්‍යය දැන් ඉන්නේ පුපුරන්න තියන වෙඩි බේත් කන්දක් වගේ. ඒ නිසා මම කීයටවත් අපේ රටේ ඉන්න කිසිම ශිෂ්‍යයෙක්ට බ්‍රිතාන්‍යයේ අධ්‍යාපනය සදහා යෑම අනුමත කරන්නේ නෑ.


ඊලගට  බලමු ඔස්ට්‍රේලියාව ගැන. ඇත්තටම ඔස්ට්‍රේලියාව කියන්නේ සංක්‍රමණිකයන් සදහා විවෘත ලෝකයේ හොද පිලිගැනීමක් තියන රටක. බ්‍රිතාන්‍යය වගේඅධ්‍යාපනය කියන දේ වවාගෙන කන ව්‍යාපාරයක් වශයෙන් නොසලකන් ඒත් වඩාත් වැදගත් විදියට මේ කේෂේත්‍රයේ බ්‍රිතාන්‍යයත් එක්ක කරට කර ඉන්න රටක තමයි ඔස්ට්‍රේලියාව. සරල නොවුනත් පැහැදිලි වීසා නීතී පවතින ඔස්ට්‍රේලියාව කාලයක් ලංකාවේ ශිෂ්‍යන් අතරත් වඩාත් ජනප්‍රිය ගමනාන්තයක් බවට පත්වෙලා තිබුනා. දැනට උනත් මේ සංකීර්ණ වීසා නීතී රීති වලට ගැලපෙන ශිෂ්‍යන් වෙනුවෙන් මම කිසිම පැකිලීමකින් තොරව අනුමත කරන රටක තමයි ඔස්ට්‍රේලියාව.


මගේ ක්ෂේත්‍රයේ හැටියට කාලෙන් කාලෙට මගේ ප්‍රියතම වගේම මම රෙකමදාරු (recommend) කරන ප්‍රධානම රටක තියනවා. මේ රට මම තීරණය කරන්නේ මෙන්න මේ පහත තියන කරුනුත් එක්කයි.


1. දැනට ඒ රටේ පවතින වීසා නීතියේ සරල හා සංකීර්ණ බව වගේම පැහැදිලි නීතිමය කරුණු හා රෙගුලාසි


2. වීසා ලබා ගැනීමේ විශ්වාසනීයත්වය (ඒ කියන්නේ සමහර රටවල් තියනවානේ වාසනවා උඩ වීසා ලැබෙන, ඔය බ්‍රිතාන්‍යය වගේ)


3. බොහෝ දෙනෙක් විමසන අධ්‍යාපනයෙන් පසු රැකියා හා ස්ථීර පුරවැසිභාවය වෙත යොමු වීමේ පහසුව (මීයක්‌ කඩන්නේ අත ලෙවකන්න නෙමෙයිලුනේ)


4. විදේශීය ශිෂ්‍යන්ට ඒ රටේ පවතින වාතාවරණය හොදද නරකද කියන කරුණ.


මේ  දේවල් සලකලා තමයි මම බොහෝවිටදැනට මම ශිෂ්‍යන් සදහා රෙකමදාරු (recommend) කරන ප්‍රධානතම රට තෝරා ගන්නේ.


හරි  එහෙනම් බලමු දැනට මම ඉදිරියේදී උසස් අධ්‍යාපනය වෙනුවෙන් විදේශ ගත වෙන්න අදහස් කරන අය වෙනුවෙන් රෙකමදාරු කරනගැලපෙනම රට මොකක්ද කියලා.


ඒ තමයි නවසීලන්තය (New Zealand). ලෝකයේ එක කෙරවලක පිහිටි මේ බොහෝම නිස්කලංක රට මේ වෙද්දී ලෝකයේ විවධ රටවලින් පැමිණෙන විදේශීය ශිෂ්‍යන්ගේ ප්‍රධානතම තෝරා ගැනීමක් වෙලා තියනවා. ලගදී ඇතිවෙච්ච මේ නවසීලන්ත අධ්‍යාපන ප්‍රබෝධයට මුලිකම හේතුවක් වුනේ මේ වෙනකන් ලේසියෙන්ම යන්න පුළුවන් සුරපුරයක් (ඔය ඉතින් ලංකාවේදී හිතන හැටි තමයි) වෙලා තිබුන බ්‍රිතාන්‍යයේ දොරටු ටිකෙන් ටික වැහිලා යෑම.


ඉතින් මේ වෙද්දී අළුතින් යම් රටක තමන්ගේ ජීවිතය පටන් ගන්න කැමැත්තෙන් ඉන්න බොහොමයක් අයට ගැලපෙන රට බවට නවසීලන්තය පත් වෙලා තියනවා. 


අනිකුත් රටවල් එක්ක සසදද්දී නවසීලන්තය අපිට වඩාත් ගැලපෙන්නේ ඇයි කියලා මම ඊලග ලිපියෙන් කියන්නම්.

15 comments:

  1. Good post keep it up :)

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි මේ පැත්තේ ආවාට :)

      Delete
  2. ඕස්ට්‍රේලියාව ගැන කතා කරනකොට "සංකීර්ණ වීසා නීතී රීති වලට ගැලපෙන ශිෂ්‍යන්" කියල ඔබ අදහස් කලේ මොකක්ද?

    ReplyDelete
    Replies
    1. සංකීරණ වීසා නීතී විදිහට මම දකින්නේ. අවුරුද්දකට ලක්ෂ 20 ක් ගානේ අවුරුදු දෙකකටවත් මුදල් පෙන්වීමේ හැකියාව. ඒ මුදල් සදහා මුලාශ්‍ර (source of funds) පෙන්වීමේ හැකියාව. මෙතනදී ඔස්ට්‍රේලියාව සදහා ඉඩම් විකුණා මුදල් පෙන්වීමේ නොහැකියි කියන කාරණයත් සිහිතබා ගන්න ඕනේ. ඊට අමතරව IELTS 5.5 වත් තිබීම අනිවාර්යයි.

      Delete
    2. වර්තමානෙ වෙද්දිත් ඒ නිතී එහෙමමද මන් අහන්නෙ මේ 2016 අවුරුද්ද වෙද්දි, අනිත් එක අපේ හෝ අපේ නෑ කෙනෙක් මැදිහත් වෙලා ඉඩම් ඔප්පුවක් මගින් බැන්කුවෙන් ඒ ලක්ශ ගාන පෙන්නන්න බැරිද?

      Delete
  3. මගේ වෙන්ඩ නෝනා දැනට Sri Lanka Institute of Advanced Technological Education (SLIATE) එකේ English HND කරනවා. මේක අවුරුදු 3 ක කෝස් එකක්. එකට සහභාගී කරගන්නෙත් කැම්පස් සිලෙක්ට් වෙන්න Z අගය අඩුවුන අයව තරඟ විභාගයක් පවත්වල. විද්‍යාපීඨ ඩිප්ලෝමාවත් මේකට ඇතුළු වෙන්න සුදුසුකමක්.

    දැන් නම් මේ HND අරගන එලියට එන අයව රජයේ පාසල්වල ගුරුවරු විදියටත් බඳවා ගන්නවා. ඒ නිසා ලංකාවේ ඉන්නවා නම් මේ HND1 ගොඩක් වටිනවා.මාත් පිටරට (මැදපෙරදිග) ඉන්න නිසා අපේ අදහසක් තියනවා පස්සේ කාලෙක යුරෝපී රටකට සංක්‍රමය වෙලා එයාගේ උපාධියත් සම්පුර්ණ කරන්න. ඒ සඳහා මුලික මුදල කොච්චරක් ඕන වෙයිද? අපි සැමියා බිරිඳ විදියට යනවා නම් ඒකෙ ක්‍රම වේදය මොකක්ද?

    ReplyDelete
    Replies
    1. මචං අහලා තියන දේට කෙලින්ම සරල උත්තරයක්‌ දෙනවා කියන්නේ යම් යම් වැදගත් කරුණු මගේ අතින් මග ඇරෙන්න පුළුවන්. මෙතනදී මම යුරෝපීය රටක වශයෙන් ඔයා හදුන්වන්නේ බ්‍රිතාන්‍යය කියලා අනුමාන කරලා උත්තරයක් දෙන්නම්.

      ඒ නිසා මම සරලවම කියනවා නම් ඔයාලට වීසා එක ලබා ගන්න එක් අයදුම්කරුවෙක් වෙන්වෙන් බ්‍රිතාන්‍යය පවුම් 800 බැගින් මාස 9 ක කාලයක් සදහා මුදල් පෙන්වන්න අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ

      ප්‍රධාන අයදුම්කරු වෙනුවෙන් පවුම් 800 x 9 = පවුම් 7200
      දෙදෙනා වෙනුවෙන්ම පවුම් 2700 x 2 = පවුම් 14400

      මේ වෙද්දී තියන වපවුමක අගයට අනුව ඔයාලා දෙන්නාටම වීසා ලබා ගන්න අඩුම තරමින් රුපියල් ලක්ෂ 30 ක වගේ මුදලක් living expenses සදහා පමණක් පෙන්වන්න අවශ්‍ය වෙනවා. (මේ මුදල පෙන්වීම සදහා විතරයි කියලා මතක තියා ගන්න)

      මීට අමතරව තමයි ඔයාලගේ course fee එක ගෙවීමක් වශයෙන් කරන්න තියෙන්නේ. මේ course fee එකනම් ඔයාලා තෝරාගන්න අධ්‍යාපන ආයතනය හා පාඨමාලාව අනුව වෙනස් වෙනවා. සාමන්‍යයෙන් මේ මුදල පවුම් 7000 ත් 15000 අතර අගයක් වෙන්න පුළුවන් (එක් අවුරුද්දක් සදහා).

      හැබැයි මචං ඔයාට Dependent වශයෙන් රැකියාවක නියැලෙන්න හිතනවානම් අනිවාර්යයෙන්ම් ඔයාගේ වෙන්න නෝනා NQF Level 7 වල හෝ ඉහල postgraduate පාඨමාලාවක් සදහා අයදුම් කල යුතුයි. එහෙම නැත්නම් ඔයාට නීත්‍යානුකූලව රැකියාවක නිරත වෙන්න අවසර ලැබෙන්නේ නැ.

      හැබැයි ඔය සේරටම වඩා ඔයා බ්‍රිතාන්‍යය ඔයාලගේ ගමනාන්තය විදියට තෝරා ගන්න අදහස් කරනවානම් ඒ රටේ දැනට ඉන්න කෙනෙක් එක්ක සම්භන්ද වෙලා ඒ රටේ දැන් තියන රැකියා හා සමාජ තත්වය ගැන පොඩ්ඩක් හොයලා බැලුවොත් හොදයි.

      Delete
    2. උඹේ පිළිතුරට බොහොම ස්තුතියි දර්ශන.. අපි ප්ලෑන් කලේ ඔස්ට්‍රේලියාව, නවසීලන්තේ, කැනඩාව වගේ රටක් වගේම PR එක ගත්තොත් දිගටම ජීවත් වෙන්න පුළුවන් හොඳ පරිසරයක් තියන රටක්. රට මොකක්ද කියන එක ප්‍රශ්නයක් නෑ

      http://en.wikipedia.org/wiki/National_Qualifications_Framework

      මේ ලින්ක් එකෙන් මං බලපු විදියට HND තියන නිසා NFQ ලෙවල් 6 නේද යන්න පුළුවන්? නැත්නම් ලෙවල් 7 ඉල්ලන්න විදියක් තියනවද?

      සාමන්යෙන් මේ වගේ ගමනකට (පෙන්නන මුදල හැර) මුලික වියදම කියක් යයිද? ටිකට්, විසා, යුනිවර්සිටි ෆී, වගේ දේවල් වලට

      එහෙට ගිය ගමන ඉන්න තැනක් ගැන අපි වැඩකටයුතු යොදාගන්නේ කොහොමද? ඒවාට ක්‍රමවේදයක් තියනවද?

      Delete
    3. ඊළඟ පොස්ට් දාන්න මේ ප්‍රශ්න වැදගත් වෙයි. ඒවා වලදීත් මීට අදාල දේවල් වැඩිපුර පැහැදිලි කරන්න..

      Delete
  4. IELTS විභාගය කියන්නෙ මොකක්ද???(ඇත්තටම මම මේ කිසිම දෙයක් ගැන දැනගෙන හිටියෙ නෑ..ගොඩක් ස්තූතියි...)ඉතුරු ලිපි ටිකත් ඉක්මනට කියවන්න හම්බෙයි කියල හිතනවා..ඔබට ජය

    ReplyDelete
    Replies
    1. රොෂාන් ගොඩාක් ස්තුතියි මේ පැත්තට ආවාට. මම හිතනවා පහල Madushkad සහෝදරයා මේ ගැන හොද පැහැදිලි කිරීමක් ලබා දීලා තියනවා කියලා.

      ලංකාවේ ඔය IELTS විභාගය පවත්වන ප්‍රධාන ආයතන දෙක තමයි British Council එක හා ACBT එක. පහල ලින්ක් දෙකෙන් ඔයාලට ඒ ආයතන සම්බන්ධව වැඩි විස්තර ලබා ගන්න පුළුවන් වෙයි (විභාග පැවැත්වෙන ආකාරය, පැවැත්වෙන දින, විභාග ගාස්තු වගේ දේවල්)

      http://www.britishcouncil.org/srilanka-exams-ielts.htm

      http://www.acbt.net/ielts

      Delete
  5. @ Darshana...
    ගොඩාක් වටින බ්ලොග් එකක්...

    @jiniyas
    HND එකක් තියෙනවනම් ඔයාලට පුලුවන් අවුරුදු 3ක course එකෙන් අවුරුද්දක් හෝ දෙකක් free කරගන්ඩ...එතකොට ඔයාලා ඉල්ලන්ඩ ඕනේ dependent වීසා..එතකොට student හෑටියට යන කෙනාට නීත්‍යානූකූල පෑය 20 ක part time රෑකියා කාලයකුත්,Dependent හෑටියට යන කෙනාට නීත්‍යානූකූල full time රෑකියා කාලයකුත් ලෑබෙනවා.dependent ට වෑයවෙන්නේ ticket ගාන විතරයි.

    @reshan..

    IELTS කියන්නේ බ්‍රිතාන්‍යයේ විශ්ව විද්‍යාලයක් මගින් පවත්වනු ලබන විබාගයක්..එකෙදි බලන්නේ ඔයාගෙ ඉoග්‍රීසි දෑනුම.ඒක බලන විදි 4කට වෙන් කරල තියෙනවා,Writing,Reading,Listning,and Speaking.ගොඩාක් අය හිතනවා ඒක Pass වෙන්ඩ අමාරුයි කියලා.එත් ඔයා ගොඩාක් කෑප වෙලා වෑඩ කරොත් easy ගේමක්..ඉස්කෝලෙත් english period කට් කරපු මට overall band score 6.5ක් තියෙනවා.මම මාසෙන් කරේ.උපරිම ලකුනු දෙන්නේ 9න්..මේක බලන්ඩ..
    http://www.ielts.org/

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මචන් උඹේ පිළිතුරට

      Delete
    2. තැන්කූ උත්තරයක් දුන්නට :D

      Delete
  6. දැන් තත්ත්වය කොහොමද?

    ReplyDelete