Thursday, February 23, 2012

විදේශ අධ්‍යාපනයට අයදුම් කිරීම - අංක 1 (අවංක උපදේශන සේවාවක්)

ඔන්න එහෙනම් අදත් පටන් ගත්තා වැඩිදුර අධ්‍යාපනයට විදේශගත වීම එහෙමත් නැත්නම් අපි කියන විදියට ඉගෙන ගන්න රට යෑම ගැන කතා කරන්න. කලින් පොස්ට් එකෙන් මම කිවුවානේ ලංකාවේ බොහොමයක් පිරිස (ඔන්න මේ කිවුවේ සමස්තය ගැනම නෙමෙයි හොදද) කොහොමද මේ දේ කෙරෙහි උනන්දුවක් ඇතිකර ගන්නේ, කොහොමද මේ දේට යොමු වෙන්නේ කියලත්. එහෙනම් අද කියන්න බලාපොරොත්තු වෙනවා දැනට ලංකාවේ මහා පරිමාණයෙන් කෙරෙන 'විදේශීය උසස් අධ්‍යාපනයට මාර්ගෝපදේශනය', අපිට තේරෙන සිංහලෙන් නම් ඉතින් "Educational Migration Consultancy' කියන ගරු ගාම්භීරව කියවෙන ව්‍යාපාරය ගැන පුංචි පුංචි විස්තර ටිකක් කියන්න.




මම  කියන්නම් පෙරේදා මම ලබපු අත්දැකීමක් ගැන මුලින්ම. අවුරුද්දේ මුලින්ම අයදුම් කරපු වීසා දෙකත් සාර්ථක වීමේ ප්‍රීතියෙන් ගෙදරට වෙලා ඉන්ටර්නෙට් එකේම එල්ලිලා ඉන්න මම හිතුවා පොඩ්ඩක් පාරට බැහැලා ඔය Consultancy firms දෙක තුනක් පැත්තේ වැදිලා දැන් රට යවන ව්‍යාපාරේ අලුත්ම තතු විත්ති හොයන්න. ඇත්තටම කිවුවොත් ඒකම නෙමෙයි ඕන්. අළුතෙන් මාර්කට් වෙන රටවල්, කොලේජ්, මම නොදන්න අළුතෙන් එන විස්තර හොයා ගැනීමේ අරමුණෙන්.


ඔහොම යන්න කල්පනා කරපු මම වැඩි දුරක් නොයා ගෙවල් ලගම ගාලු පාරේ තියන මේ වගේ ආයතනයකට ගොඩ වුනා. අනේ අප්පේ හරිම සිරියාවන්ත ඔෆිස් පොඩ්ඩ. පොඩ්ඩක් කිවුවාට පොඩ්ඩකුත් නෙමෙයි ඇතුලට ගිහින් බලද්දී. ඔන්න ඉතින් එතනට ගිය ගමන් මගේ අතට දුන්නා ෆෝම් එකක් පුරවන්න ඒකෙ තියනවා. නම, වයස, දුරකථන අංක, ලිපිනය, අධයාපනික සුදුසුකම්, යන්න කැමති රට, කරන්න කැමති විෂය ක්ෂේත්‍රය වගේ දේවල්. හැරී ඉතින් එකත් පුරවලා එකත් එක්ක දුන්න ෆයිල් කවරය බලද්දී තේරුණා ඇත්තටම මේ මනුස්සයෝ මේ දේට මොන තරම් ලොකු වියදමක් කරනවාද කියලා. ෆයිල් කවරය, විස්තර අඩංගු පුංචි පොත, කැලැන්ඩරය මේ සේරටම මම හිතන්නේ රුපියල් සීයක්වත් වෙන්න ඕනේ. හොදට ඒ සී කරපු ඔෆිස් එකක ඉන්න උපදේශක නෝනලාගෙන් කෙනෙක් ඉතින් මට රට යන විදිය බොහෝම කරුණාවෙන් මට පැහැදිලි කළා.  අඩුම තරමින් ඒ වගේ නෝනලා ඉන්න කාමර තුනක්වත් ඒ ඔෆිස් එක ඇතුලත තියනවා කියලයි මට පෙනුනේ.


සේරම හොදට කෙරුණත් මට පුංචි හැරී වැරැද්දකට පෙනුන එක දෙයයි ඒ තමයි ආපසු නොගෙවන රුපියල් 25,000 ක ලියකියවිලි සැකසීමේ ගාස්තුවක් (Documentation fee) එකක් අය කිරීම. හැබැයි ඒ මනුස්සයන්ගේ වියදම්වල හැටියට ඒක වැරද්දක් කියන්නත් බෑ. මොකද මම ගන්න හදලා බලපු විදියට ඒ වගේ පවත්වාගෙන යන තැනක දල වියදම මාසිකව රුපියල් ලක්ෂ තුනකට ආසන්න වෙනවා. සේවක පඩිනඩි, ආයතන පරිශ්‍රයේ කුලිය, මාසික ප්‍රචාරණ වියදම්, වෙනත් බිල්පත් හා ගෙවීම ඇතුලත්ව. කොහොමින් කොහොම හරි මගේ හිතට ආවේ ශිෂ්‍යාගේ පැත්තෙන් මෙහෙම සල්ලි ගන්නා ඒක සාධාරණ නෑ නේද කියන ඒකයි. එකට මට හිතෙන හේතු නම් කීපයක්ම තියනවා.


1. බලයලත් නියෝජිතවරයෙක් වශයෙන් (Authorized agent) ඕනෑම නියෝජිතවරයෙක්ට තමන් විසින් සාර්ථකව (ඒ කියන්නේ වීසා ලබාගත්) ශිෂයෙක් වෙනුවෙන් අතිශයින්ම සාධාරණ කොමිස් මුදලක් ගෙවනු ලබනවා. ඒ මුදල ගෙවනු ලබන්නේ අදාළ ශිෂ්‍යයා වෙත තම අධ්‍යාපන ආයතනය රෙකමදාරු කිරීම (Promote the institute), කිසිදු මුදලක් අය නොකර අදාළ ආයතනය සමග සම්බන්ධවී ශිෂ්‍යා වෙත Offer letter (මම මේකට සිංහලෙන් කියන්නේ මොකක්ද කියලා නම් දන්නේ නෑ) එක ලබා දීම, ශිෂ්‍යාහට අදාළ රටට වලංගු වීසා නීති පිලිබදව අවබෝදයක් ලබා දීම හා ශිෂ්‍යාගේ වීසා අයදුම්කරණයට සහය වීම (මේක තමයි මෙතනින් බැරෑරුම්ම කාර්යය) යන ක්‍රියාවලීන සදහායි.


*මම මේ ගෙවීම අතිශයෙන්ම සාධාරණ බව කියන්නේ මොකද කියලා මට ඔයාලට කෙලින්ම ඉලක්කමකින් කියන එක මගේ වෘත්තීයේ හැටියට වැරදියි. ඒත් මෙහෙම හිතා ගන්නකො මම සාර්ථකව අවුරුද්දක් ඇතුලත යම් ආයතනයකට ශිෂ්‍යන් තුන දෙනෙක් සාර්ථකව ඇතුලත් කලොත් ඒ අවුරද්ද පුරාවටම මගේ මාසික ආදායම ඉලක්කම් හයක එකක්. නරකම නෑ නේද ?


2. යම්කිසි අයුරකින් අදාළ ශිෂ්‍යාගේ වීසා අයදුම්පත්‍ර අවලංගු වුවහොත් (Visa reject) අදාළ නියෝජිතවරයට ඇති පාඩුවක් වෙන්නේ නෑ, ඒත් ඒ ශිෂ්‍යාට වීසා ගාස්තු, ලිපිලේඛන සෑදීමට වියදම් කල මුදල් වගේම සමහර අවස්ථා වලදී මුල්‍යමය අනුග්‍රාහකත්වය (මේ වැඩේ නම් හරිම භයානක දෙයක්) වෙනුවෙන් වියදම් කරන මුදල් වශයෙන් අඩුමතරමින් රුපියල් 75,000 වගේ මුදලක් නැති වෙනවා.


අන්න  ඒ නිසා තමයි එකම ක්ෂේත්‍රයේ නියැලිලා හිටියත් මම ඔන්න ඔය අමතර ගාස්තුවක් (Registration fee, Documentation fee, etc) ගැනීමට විරුද්ද. ඒ නිසා ඔයාලත් පුළුවන් තරම් උත්සහ කරන්න ඒ වගේ අමතර මුදලක් ඔයාලගෙන් අය නොකර සුදුසු ඒජන්තවරෙක් තෝරා ගන්න. 
 

** ඊලග ලිපිය එන්නේ දැනට විදේශීය අධ්‍යාපනය පිලිබදව ප්‍රසිද්දියක් උසුලන රටවල් අතුරින් අපිට ගැලපෙන රට තෝරා ගැනීම පිලිබදවයි.

 

13 comments:

  1. නියමයි.ඊළග එකත් ඉක්මනට දාන්න

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි. මෙන්න දෙවෙනි කොටසත් දැම්මා.

      Delete
  2. මේක නම් සෑහෙන්න වැදගත් මචෝ... දිගටම ලියන්න.

    වෙනරටක පුරවැසිභාවය ලැබුනොත් අපේ ලංකාවේ පුරවැසිභාවය නැතිවෙනවද?

    ද්විත්ව පුරවැසිභාවය කියන්නේ මොකක්ද?

    එහෙම තියන කෙනෙක්ට රටවල් දෙකක පාස්පෝර්ට් ලැබෙනවද?

    ReplyDelete
    Replies
    1. ඕව් මචං. ඔයාට යම් රටක පුරවැසිභාවය ලබාදීමේදී අනිත් රටේ පුරවැසිභාවය අවලංගු වෙනවා.

      ද්විත්ව පුරවැසිභාවය මගින් රටවල් දෙකේම පුරවැසිභාවය රදවා ගන්න පුළුවන්.

      මම දන්නා තරමින් නම් ඕව්.

      Delete
    2. දැනට නම් ලංකාවෙ තාවකාලිකව ඩුවල් සිටිසෙන් දෙන එක නවත්වල තියෙන්නේ

      Delete
    3. එහෙමත් එකක්ද :(

      මේකෙන් තමයි වැඩිදුර විස්තර ගන්න වෙන්නේ.

      http://www.gic.gov.lk/gic/index.php?option=com_info&task=info&id=391&lang=en

      Delete
    4. ආයෙ පටන් ගෙනද දන්නෙ නෑ... හොයල බලන්න ඕනි

      Delete
    5. ඩුවල් සිටිසන් දෙන්න පටන් අරගෙන. හැබැයි සැලකිය යුතු මුදලක් යනවා

      Delete
  3. එල එල..... දිගටම කරගෙන යන්න.....

    ReplyDelete
    Replies
    1. කොහොමහරි කරගෙන යන්න තමයි මචං අදහස තියෙන්නේ. දිගටම blog එකත් එක්ක ඉන්න.

      Delete
  4. මට ෙමාන විදිෙයන් හරි නවසිලන්තයට යන්න ඔිනි ඒ්ක හීනයක් මට උදවු කරන්න

    ReplyDelete