Tuesday, February 21, 2012

කොල්ලන් රට පැටවීම හා පරිසරයට අනුව හැඩගැසීම

ඔන්න අද හදන්නේ එක දවසක් මම මේ බ්ලොග් අතරම දැකපු විදේශ අධ්‍යාපනය ගැන මම දකින තත්වය හා යටින් පොඩි මාර්කෙටින් පාරක් ගෙනයන්නයි.



"විදේශයකදී ඔබේ දරුවාටත් උසස් අධ්‍යාපනයට අවසථාවක්" මෙන්න මේ වගේ ලොකු අකුරෙන් දාපු ලස්සන ලස්සන  වෙළද දැන්වීම ඔයාලා හැමෝම දැකලා ඇතිනේ. ඒ වගේම ගොඩාක් අය මේ වගේ තැන් වලට ගිහිනුත් ඇති. ඒත් එක දෙයක් තියනවා ලංකාවේ මේ ක්ෂේත්‍රයේ අවුරුදු ගානක් ඉන්න කෙනෙක් විදියට මම දැකපු දෙයක් තමයි ගොඩාක් දෙමවුපියෝ තමන්ගේ දරුවන්ව මේ මාර්ගයට ඇදලා දාන්නේ තනිකරම මෝඩ හේතු කීපයක් නිසා.අම්මලාගේබලකිරීමටම නෙමෙයි කොල්ලන්ගේ කෙල්ලන්ගේ බලකිරීමටම මේ මාර්ගයට ඇදෙන අම්මලා තාත්තලාත්ඕනේ තරම් ඉන්නවා.


සාම්ප්‍රදායික විදියට ඔය කතාව යන පිළිවෙල ගත්තොත් මේන් මෙහෙමයි.

1. තමන්ගේ හිතවතෙක් නෑදෑයෙක්ගේ හෝ ළමයෙක් ඔන්න රට ගියා කියමු ඔන්න එතකොට ගෙදර අම්මටත් ගහනවා ඔය පිස්සුව ගහන්නේ, රට ගියේ එහා පැත්තේ ගෙදර ළමයා නම් තත්වය බොහෝම උග්‍ර වෙනවා.

2. ඔන්න ඉතින් එහා ගෙදර හෝ නෑදෑයගේ ළමයා නිවාඩුවට ගෙදර එනවා. ඇවිත් ඉතින් අනේ අප්පේ ඔන්‍න‍ ඉතින් මේ ගෙදරටත් එනවා පිටරට ටොපි ටිකක් චොකලට් ටිකක් අරගෙන. ඔන්‍න‍ එතකොට තමයි 'නයා' එලියට පනින්නේ. "අෆ්ෆා එහේද ඇන්ටි, කියලා වැඩක් නෑ, දැන් මට කා එකකුත් තියනවා. ඉදලා හිටලා තමයි ඇන්ටි ජොබ් එකක් කරන්නේ, එහේ දවසක් වැඩ කරලා සතියක් ෆන් ඒකෙ ඉන්න පුළුවන්. මම ලගදීම එහෙන් ගෙදරකුත් අරන් දාන්නයි හිතන් ඉන්නේ"

3. ඔන්න ඔහෙම නයා දාන එකාගේ මේ රංගනයට මේ අම්මලත් කට අරගෙන අහගෙන ඉන්නවා. අහගෙන ඉදලා අන්තිමට මෙන්න මෙහෙමත් කියනවා. "මාත් හිතන් ඉන්නේ පුතේ අපේ පුතාවත් ඔහෙට එවන්න කියලා තමයි, මෙහේ හිටියා කියල කිසිම වැඩක් හරියට කරන එකෙක් නෙමෙයිනේ" 

4. ඔන්න ඉතින් ආයෙත් අර නයා ඇරපු කොල්ලා ගෙදරින් යන්නේ මෙහෙමත් කියාගෙනයි. "අයියෝ එවන්න ඇන්ටි මම ලගට, මල්ලිට නවතින්න පුළුවන් මම ලගම, මම වැඩ කරන තැනම රස්සාව කරන්නත් පුළුවන්නේ"


5. ඔන්න ඉතින් ටික දවසකින් අර අම්මා තමන්ගේ කොල්ලවත් බේබි මහත්තයා වගේ අන්දාගෙන යනවා රට අරින තැනකට. එතන ඉන්න ටිකක් කොටට, හිරට ඇදගත්තු සිරියාවන්ත පුංචි මිස් හෝ කන්නාඩි දෙකක් දාගත්තු ටයි එකක් දාගෙන ඉන්න මහත්තයා මෙන්න මෙහෙම සුරංගනාලෝකයක් අර අම්මා ඉස්සරහා මවා පානවා. "අම්මා කිසිම දෙකට බය වෙන්න එපා. අපි යවන කොලේජ් එක තමයි ඒ රටේ අංක දෙකට තියෙන්නේ, ලෝකෙන්ම බැලුවොත් අංක හයට. ලෝකේ තියන අඩුම ගාස්තුවත් මේකේ තමයි. කොලේජ් එකෙන්ම රස්සාවක් සතියකින් හොයලා දෙනවා. ඒ රටේ වියදම විදියට මේ මල්ලිට දවසක් විතර වැඩ කරලා හොද සනීපෙට ඉන්න පුළුවන්. අනික එම්බසිය ඇතුලෙත් අපේ අය ඉන්නවා, අපි හරහා දැම්මොත් වීසා එක දවස් දහයෙන් ලැබෙනවා. බ්ලා බ්ලා...." 

6. ඔන්න ඉතින් අරන් අසරණ අම්මත් ඔය එක එකාගේ මෝඩ චූන් වලට රැවටිලා තියන යාන වාහන ඉඩකඩම් ගෙවල් දොරවල් සේරම විකුණලා, තව වටේ ඉන්න අයටත් ණය වෙලා අර කොල්ලව රට පටෝනවා.

ඔන්න ඔතනින් පස්සෙයි මහත්තුරුනි අර කලින් බ්ලොග් ඒකෙ තිබ්බ පොස්ට් ඒකෙ විදියටම කොල්ලා ඒ රටේදී අසරණ වෙලා, අනාථ වෙලා සම්පූර්ණයෙන්ම මොලේ කොලොප්පන්ම වෙලා යන්නේ. මොකද මූ මේ රට ගැන මෙලෝ හසරක් දැනගෙන නෙමෙයි ඇවිත් තියන්නේ. ඒ මදිවාට නොම්මර ඒකෙ සුරංගනා විස්තර ටිකක් අහගෙනයි (අංක 2 හා 5) ඒ මදිවට අර නයා ඇරපු අයියා කොහෙද කියලා හොයාගන්නත් නෑ. එකා ලංකාවට ඇවිත් ගිහින් තියෙන්නේ ඊලග අවුරුද්දට සල්ලි ගෙවන්න සල්ලි ටිකක් අරන් යන්න (එහෙම ගෙවල් වලින් සල්ලි ගෙන්නාගෙන ජීවත් වෙන හාල්පාරුවෝ ඕනේ තරම් ඔය රටවල ඉන්නවා) හරියට කෑමක් කන්න, ඉන්න හිටින්න තැනක නැති ඒ අයියා කොහොමද තව මල්ලිලාට සලකන්නේ. බැලින්නම් ඒ අයියා දීලා තියන විස්තරත් සේරම බොරු.

ඔන්න ඉතින් අර ගෙදරට වෙලා උදේ තේ එක අතට ගෙනත් දීලා, කෑම එක මෙසේටම බෙදලා ඇදුමුත් අම්මලා ලව්වාම හොදා ගත්තු මේ කොල්ලාට වෙනවා අනේ දෙයියනේ බල්ලෙක් වගේ රස්සාවල් හොයාගෙන යන්නයි, (උගේ වෙලාවට රස්සාවක් ලැබුනොත්) මී හරකෙක් වගේ සීතලේ ගැහි ගැහී, හෝ අවුකාස්ටකේ තැම්බි තැම්බි ජීවත් වෙන්න උත්සාහයක යෙදෙන්න. 


හැබැයි ගොයියෝ ඒ වගේ දෙයක් දරාගන්න පුළුවන් ප්‍රමාණයකුත් තියනවා. ප්‍රශ්න ගොඩාක් තමන් වටේ ගොඩ ගැහෙනවා. ඊලග මාස හයට හෝ අවුරුද්දට කොලේජ් එකට ගෙවන්න සල්ලි හොයාගන්නත් ඕනේ, ඒ මදිවාට කොහෙන් හරි ආපු ඉන්දියන් කාරයෙක් හරි බංගලියෙක් හරි තමන්ගේ රස්සාවට තට්ටු කරයිද කියලා බයයි. ලොකුම දේ ඔන්න දැන් නීති වෙනස් වෙනවලු පුංච් පුංචි පාඨමාලා ඉවර කරපු අයට රස්සාවක් නැත්නම් PR එකට (ස්ථීර පුරවැසිභාවය) යන්න බැරි වෙන විදියට. ඔන්න ඉතින් මේ මානසික පීඩනයත් එක්ක ඉදලා හිටලා ගෙදරින් එන කෝල් එකකින් මෙහෙමත් ඇහෙනවා "ලොකු පුතේ ඉතින් ඔන්න අපි කොහොමහරි උඹනම් ගොඩ යැවුවා කොහොමහරි, දැන් ඉතින් උඹ මේ උඹේ මල්ලියි නංගියි ගැනත් බලන්න ඕනේ. උඹ දන්නවනේ අපි තිබ්බ සකලමනාවම විකුණලයි උඹව ඔය තත්වෙට ගෙනාවේ කියලා. දැන් ඉතින් කොහොමින් කොහොමහරි උඹ මුන් ගැනත් ඉස්සරහ බලපන්" 

අනේ දෙයියනේ ඕකට තමයි කියන්නේ ගැහෙන වැටුන මිනිහට ගොනත් අනිනවා කියලා. මොකද අම්මා දන්නේ නෑ මේ කොල්ලා මෙහේ විදින දුක, අම්මලාට ඒ ගැන කියලා තවත් දුකක් දෙන්නත් කොල්ලට බෑ. හැබැයි ඔය තත්වෙට වැටුන කොල්ල්න්ගෙනුත් බොහෝම පොඩි ප්‍රතිශතයක් තමයි සේරම දමලා ගහලා ලංකාවට යන්නේ. ඒ නිසා කොල්ලා කොහොමහරි ඔය රෝල ගහන්න පුළුවන් තත්වෙට හැඩගැහෙනවා. තමන් හම්බකරගෙන ආදායමේ හැටියට ජීවත් වීම වගේම හම්බ කරන මුදලින් යමක් ඉතුරුකරගෙන අනාගත වැඩපිළිවෙලකට (තවත් උසස් පාඨමාලාවක්, නැත්නම් වෙන යම වීසා එකක්) යොමු විය යුතුයි කියන දේට මේ කොල්ලා පුරුදු වෙනවා. තත්වය ආපහු සාමාන්‍ය වෙනවා. පරිසරයට අනුව හැඩගැසීම කියන තියරිය මේ හැමදේටම බලපානවා.

මම  මේ ගොඩාක් දේවල්කිවුවේ දැනට අවුරුදු ගානක ඉදන් අහන දකින දේවල් අනුවයි. මම හොදටම දන්නවා එක ළමයෙක්ට මම හරියට වීසා එක අරන් දීලා රට යැවුවොත් ඒ ළමයාගෙන් විස්තර දැනගෙන අඩුමතරමින් තව පස් හය දෙනෙක් හෝ මම ලගට එනවා කියන එක. ඒ එන බොහෝ දෙනෙක් එන්නේ තමන්ට මේ දේ ගැලපෙනවාද, තමන්ට මේ දේ කරන්න ආර්ථිකමය හැකියාවක් තියනවද කියන දේ ගැන හරි අවබෝධයක් නැතුවයි.


දැන් රටයන කොල්ලන්ගේ ජීවන චක්‍රය ගැන කෙරුණ ඒ විස්තරය නම් හමාරයි. ප්‍රතිචාර එහෙම කොහොමද කියලා බලලා 'වංචා වලට අහුනොවී, ප්‍රෝඩාවන්ගෙන් බේරිලා' තමන්ගේ අවශ්‍යතාවන්ට ගැලපෙන විදියට ඔය විදේශ අධ්‍යාපනයට තියන මාර්ග මොනවාද, ලංකාවෙන් යන ශිෂ්‍යන්ට මගදී අතරමං නොවී හරි තැනකට යන්න තියන අවස්ථා මොනවාද  කියලා ඊලග පොස්ට් එකෙන් කියන්නම්.

11 comments:

  1. වැදගත් ලිපියක්.. අනික එනකන් බලන් ඉන්නවා.. :D

    ReplyDelete
    Replies
    1. හරි හැරී මෙන්න දැන් කොටාගෙන යනවා. හෙට උදේට පබ්ලිෂ් කරන්න පුලුවන් වෙයි.

      Delete
    2. වැදගත් ලිපියක්.. බොහොම ස්තුතියි.

      Delete
  2. ගොඩක් වැදගත්.ඊළග ලිපියත් එනකන් බලන් ඉන්නවා.තමන්ගේම ස්වෝත්සාහයෙන් රට යනවනම්(අදාල රටේ තමන්ගෙ ඥාතීන් ඉන්නව)ඒක කොහොමද කරන්නෙ කියලත් පැහැදිලි කරන්න.

    ReplyDelete
    Replies
    1. මම මේ සම්පුර්ණ විස්තර ටික කොටස් හතරකට විතර කඩලයි ඉදිරිපත් කරන්න ඉන්නේ. ඔයාගේ ඉල්ලීමත් ඊලග කොටසට ඇතුලත් කරන්න උත්සහ කරන්නම්. එහෙම බැරි වුනත් කොටස් අනිවාරයන්ම් ඊලග කොටසකින් ඒ විස්තර දෙන්නම්.

      Delete
  3. වැදගත් ලිපියකි...ඉතිරි ටිකත් බලමු කියවල ඉස්සරහට

    ReplyDelete
    Replies
    1. එනවා එනවා දෙවෙනි ලිපිය මග එනවා.

      Delete
  4. කෝ අනිත් ලිපිය තාම දාල නෑනේ :-/

    ReplyDelete
    Replies
    1. තව පැයක වගේ ඇතුලත තව ලිපියක් පොස්ට් කරනවා.

      Delete
  5. සිරාම සීන් එක... පහුගිය දවසක එකෙක් හම්බුනා පොඩි කොල්ලෙක් අවුරුදු 20 යි... ඕකම තමයි කතාව.

    එලකිරි එකෙන් පනිවිඩේ එව්වෙ මම තමා

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete